Thursday, June 27, 2013

වැඩිපුරම ටොයිලට් යන ෆිල්ම් එක (Kapatikama)

සාමාන්‍යෙයන් මල පහ කරන්න යනවා කියන එක ඇවිල්ලා අපි ප්‍රසිද්ධියෙ කියන දෙයක් නෙමෙයි. ඒක ටිකක් ලැජ්ජ හිතෙන දෙයක්. ඔය වගේ දේවල් සිනමාවට හෙම ගන්නවත් අඩුයි. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ තියෙන ඛාන් ලා රඟපාන ෆිල්ම් වල නම් මම ටොයිලට් එකට යන දර්ශන දැකලාම නැහැ. නමුත් වැඩිපුරම ටොයිලට් යන දර්ශන තියෙන ෆිල්ම් එකක් මට පහුගිය දොහේ හමු වුනා. 
මේක අමරිකන් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ලංකාවෙ සිංහල ෆිල්ම් එකක්. 

නම තමයි කපටිකම. දෙබසක් ඉවර වෙලා ඊළග දර්ශනය එනකොට කලින් දර්ශනය ඉවර කරන්න ඕනි. එතකොට විවිධ ප්‍රෙයා්ග ඒ හිඩසට දානවා. මේ කපටිකම කියන ෆිල්ම් එකේදි අධ්‍යක්ෂවරයා කිහිප අවස්ථාවකම දර්ශණ මාරු කරන විට නළුවාව වැසිකිලි යවනවා. 

මේකෙදි ටොයිලට් එකට යනවා කියලා මහ හයියෙන් මගේ බඩේ අමාරුවක් වගේ කියලා බඩ අල්ලගෙන යනවා මිසක ටොයිලට් එකක් නම් පෙන්වන්නෙ නැහැ. අනික ඒ කාලෙ තිබුන වල කක්කුස්සි ළඟ කැමරාවක් අල්ලන්න තියා ඒක අහලට යන්නත් අමාරු වෙන්න ඇති නේ. 

ෆිල්ම් එකේ තියෙන ආතල්,.. 

කපටිකම විකට සිනමාපටියක්. මේකෙ අපේ ජනප්‍රිය නළු ජෝ අබේවික්‍රම මහත්මයා ද්විත්ව චරිතයක් කරනවා. තව ඉතිං ඒ කාලෙ හිටපු ලස්සන කෑල්ලක් වෙච්චි ජීවරාණි කුරුකුලසූරිය හෙමත් ඉන්නවා. හැබෑට සිරාවටම ඒ කාලෙ අධ්‍යක්ෂකවරු ලස්සන ගෑනු නම් තෝරන්න දැනගෙන ඉඳලා තියෙනවා. දැන් ෆිල්ම් කටවුට් එකක ඉන්න කෑල්ලක් දැක්කත් මෙලෝ රහක් නැහැ. ඇඟවල් වල කිසි ගතියක් නැහැ. තිබුනත් එක්කෝ වැඩ දාල පුම්බලා තියෙන්නෙ. අපරාදෙ කියන් බැහැ මේකෙදි නම්  කළු සුදු වුනාට මොකෑ නිලියො දෙතුන් දෙනානම් ටොප් එකට තෝරලා අරං තියෙනවා. 

කපටිකම ඇවිල්ලා කේ ඒ ඩබ්ලිව් පෙරේරා මහත්මයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තුල එවකට චිත්‍රපට කර්මාන්තයේ තිබුන අඩුපාඩු වලට දැඩිව පහර එල්ල කරනවා. මීට අවුරුදු කිහිපයකට කලිං සිරසෙ ගිහිපු ලයිව් ප්‍රෝග්‍රැම් වල තිබුනු සමහර දේවල් අල්ලලා චූටි මල්ලියි පොඩි මල්ලියි අපි නොදන්න ලයිව් හැදුවා වගේ සීන් එකක් තමයි මේ ෆිල්ම් එක ඇතුලෙ තියෙන්නෙ. 

චූටි මල්ලි සුපර් සික්ස් කියන හෙන ගොබ්බ ෆිල්ම් එකක මෝඩ ජෝක් චරිතයකට හිටියා. මට ඒක දැක්කම මට ඒ චූටි මල්ලියි පොඩි මල්ලියි ගැන සැබෑවටම දුක හිතුනා. ලංකාවෙ වත්මන් ගුවන්විදුලි රූපවාහිනියෙ එක්තරා පැතිකඩක අයිතිකාරයො දෙන්නෙක් වෙච්චි මේ දෙන්නට  වෙලා තියෙන්නෙ සරම උස්සන් දුවන ජෝකර්ලා වෙන්න.  එක අතකින් දුක් වෙන එකේ තේරුමක් නැහැ. ජගත් චමිල කියන්නෙ ලංකාව ඇතුලෙදි කප් පිට කප් ගහපු වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,සිනමා නළුවෙක්. ඔහු හැමදාම සම්මාන ගන්නවා. ජගත් චමිලට කොල්ලෙක් කියන්න පුලුවන් ස්වරූපයකුත් තියෙනවා නමුත් අපි ෆිල්ම් හෝල් වලට ගියාම හෙන ලොකුයි කියන ෆිල්ම් වල ගොඩාක් වියදං කරලා හැදුවා කියන මහා කෘති වල ජගත් චමිලලා දකින්න නැහැ..හිටියත් ඉන්නෙ තිරේ අයිනෙන් එහා මෙහා යන සුලු චරිත වලට.

ඔන්න ජෝකර්ලා වැරද්දක් කරනවා. වැරැද්ද කලාම කස්ටියක් එනවා හොයන්න. පස්සෙ ජෝකර්ලා ටික දුවනවා. උඩ පැනලා කෑ ගහලා දුවනවා..සරම හැලි හැලි කලිසම උස්ස උස්ස දුවනවා.  අර හොයන්න එන අයට පෙනි පෙනී දුවනවා. දුවගෙන ගිහින් ටොයිලට් එකකට යනවා. එතකොට මහත ගෑනියෙක් ඒකෙ බොග දානවා. අර මහත ගෑනි අර ජෝකර්ලාට ගහනවා. ඕක තමයි මම පුංචි කාලෙ ඉඳලා බැලුව සිංහල ජෝක් ෆිල්ම් ගොඩක තිබුන කොමන් දර්ශනය. නමුත් සිකුරු හතේ, කිං හන්තර්, කොළඹ සන්නිය වගේ ෆිල්ම් වල පස්සෙන් දුවන ගොන් පාට් කපලා ලස්සන කතාවක් දාල ජෝක් කියන්නෙ රූකඩ වගේ දැක්ක ගමන් හිනායන එකක් නෙමේය කියන එක ඉස්මතු වෙන්න හදලා තිබුනා. 

මේ කපටිකම කියන ෆිල්ම් එක ඇතුලෙ සරලවම දැක්ක ගමන් හිනායන මිස්ට බීන් ජෝක්ස් වගේම ටිකක් සැර සංකීර්ණ ජෝක් ගොඩාරියක් තියෙනවා. දැන් කාලෙ පවා මිනිස්සුන්ගේ තියෙන බොරු සෝබනය මහන්තත්වය කම ඒ කාලෙත් තිබුන මහ පරණ දෙයක් කියලා මට ෆිල්ම් එක බැලුවාම වැටහුනා. 

අද තිරගත වෙන ගොඩක් ෆිල්ම් වලට වඩා වාණිජ සිනමා පටියක් වෙච්චි කපටිකම ඉදිරියෙන් ඉන්නවා කියන්න පුලුවනි. ජෝක් ෆිල්ම් එකක් ඇතුලෙ තියන්න පුලුවන් ජෝක් විතරක්ම නෙමෙයි. සමහර විට වැදගත් දේවල් පවා තියෙන්න පුලුවනි.  

මේ ෆිල්ම් එකෙ මියුසික් වල තියෙනවා අමුතු ගතියක්. ෆිල්ම් එක පුරාවට විහිදුන පට්ට මියුසික් ටිකක් තියෙනවා. ඒකෙ යන සිංදු කිහිපයක්ම පසුකාලීනව ජනප්‍රිය වෙලා තියෙනවා. 1966දි තිරගත වෙච්චි මෙ ෆිල්ම් එක බොහෝවිට සාර්ථක එකක් වෙන්න ඇති. 

kapatikama කියලා ගූගල් සෙවුමක් කලොත් කපටිකමේ කපටි කොපි කීපයක්ම තැන් තැන්වලින් හොයාගන්න හැකි වේවි. ෆිල්ම් එකේ බයෝ ඩේටා එක ඒ කිව්වෙ ෆිල්ම් එක ගැන විස්තර ආදිය මේන්න මේ අඩවියේ තියෙනවා.

12 comments:

  1. ජගත් චමිල ගැන හැමෝටම සතුටුයි. ඒක පට්ට ට්‍රෙන්ඩ් එකක් වෙනවා නම් ඉදිරිය පැහැදිලිවම හොඳ වෙයි.

    උදව් කරන්න..උදව් ඉල්ල ගන්න...
    http://udhaw.blogspot.com/

    ReplyDelete
  2. කිව්වත් වගේ මෙච්චර ලස්සන කෙල්ලෝ ඉන්න රටේ සිනමාවේ,ටෙලි වල රගන්නේ මොක්කුන්ද?සිහිනිග පුලුලුකුල,අපේ අධ්‍යක්ෂකවරු අහලවත් නැද්ද මන්දා.දැන් වුනත් පරණ පිල්ම් එකක තරම් සිනමාව, ශිල්ප ප්‍රයෝග ගැන නොදන්නා අයද කොහෙද මේවා හදන්නේ,සිනමාව ඉදිරියට යනවවා වෙනුවට ආපස්සට යන්නේ.බටහිර චිත්‍රපට හදන අය ඒවා කොච්චර ආකර්ෂණීයව හදනවාද?
    ඔබ කිව්වා වගේ චුටිමල්ලි පොඩි මල්ලි ,මං ආසම දෙදෙනෙක් ,මෙලෝ රහක් නැති ඒවායේ රගපාලා සවුත්තු වෙනවා.මං ආසම සිරසේ කාටූන්වලට ,චිත්‍රපට වලට හඩකැවීම සුපිරියි

    ReplyDelete
  3. ජගත් චමිල කියන්නෙ පඩ ෂෝ නැති නියම නලුවෙක්. ලංකාවේ සමහරක් නලුවන් කියන උන් හිතාන ඉන්නේ උං හොලිවුඩ් වලින් මේ දැන් ලංකාවට බැහැපු උන් වගේ. උන්ගේ නිකම්ම නිකම් වැන විල්ලක් තියෙන්නෙ.(පඹයොත් එහෙම වැනෙනවා හුලඟට.) ඒත් ජගත් චමිල රඟපාපු ගොඩක් චිත්‍රපට බැලුවහම තේරෙන දෙයක් තමා ඔහුට තිබෙනවා උපතින්ම ආපු හැකියාවක්. ඒක වහන් කරන්න බැ. අනික තමා අද ගොඩක් අඳ බාල අධ්‍යයක්ෂකල හිතන්නෙ කොහේ හරි ෆීල්මි කොපියකට ගොං පාට් ටිකක් දාල ගත්තම හෙනට හිට් වෙයි කියල. නමුත් අන්තිමට වෙන්නෙ ෆීල්ම් එකට වියදමි කරපු ගානවත් හොයාගන්න ලැබෙන් නැති එක.

    ReplyDelete
  4. දැන් හදන සිංහල film බොහෝමයක් බලන කොට ඇති වෙන්නෙ ලැජ්ජාවක්, අප්පිරියාවක්. ඒත් tv එකේ යන පරණ කළු සුදු film දැක්කහම හිතෙනව මේවගේ film හැදුන රටේ සිනමාවට මොකද වෙලා තියෙන්නෙ කියල, ඇයි දැන් මෙච්චර පහතට වැටිල තියෙන්නෙ?

    සිතුම් සයුර ජීවිතය දකින්න එන්න

    ReplyDelete
  5. අද සිංහල සිනමාවේ දක්ෂයන්ට තැන නැහැ ,

    ReplyDelete
    Replies
    1. අද සිංහල සිනමාවක් තියෙනවද??

      Delete
  6. මහේන්ද්‍ර පෙරේරා කියන්නෙත් ඒ වගේම වැඩක් අරගත්තේ නැති දක්ෂ නළුවෙක්.මොනවා කරන්ඩද? අපේ රටේ උන් අර ගොබ්බ ෆිල්ම් හැදුවම බලන්ඩ යනවනේ.යන් උන් අඩුම වෙලා ගියානම් එක්කෝ හොඳ ෆිල්ම් හදයි, නැත්තං ෆිල්ම් නැත්තටම නැති වෙලා යයි.

    ReplyDelete
  7. ස්තූතියි මේ විස්තරයට. කපටිකම හොයාගෙන බලන්න ඕනෙ

    ReplyDelete
  8. අර සිකුරු හතේ, කිං හන්තර් කියල කියපු ගොඩට බහුබූතයො කියන එකත් එකතු කරන්න පුලුවං මට නම්. මං වැඩිම වාර ගනනක් බලපු ෆිලුම් වලින් දෙවෙනි තැන ගන්නෙ බහුබූතයො.

    ReplyDelete
  9. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. “ පේන් විදියට දිනිති බඩුවක් වගේ නේද බං..හරිහමං කොල්ලෙක් නැහැ. තැන් තැන්වල එක එක දේවල් වලට රිංගනවා..ඒ තැන්වලදි හරියට ගතමන්ට් එක ලැබුනෙ නැති වුනාම අඩාගෙන තවත් තැන්වල යනවා.. බඩු ලයින් එකක් දෙන පොටෝ දානවා..තියෙන ඇඟේ අමාරුව ඇඟවෙන විදියට කවි දානවා.. සිරාවට මචං තෑන්ක්ස් උඹෙ මේ කමෙන්ට් එක දැක්කම තමයි මට ඕක ටිකක් ටෝක් කරලා බලන්න ඕනි කියලා මීටර් වුනේ.... ඊට අමතරව කියනවා නම් උඹටත් පුදුමාකාර අසහනයක් තියෙනවා නේ.. මචං ඔයි වගේ අමාරු තිබුන රජකාලෙ කුමාරවරු කඩිගුලකට අහවල් එක දාගෙන හිටියා..පොඩ්ඩක් ට්‍රයි කරලා බලහං.. “

      Delete
    2. //මචං ඔයි වගේ අමාරු තිබුන රජකාලෙ කුමාරවරු කඩිගුලකට අහවල් එක දාගෙන හිටියා..පොඩ්ඩක් ට්‍රයි කරලා බලහං.. “ //

      ඇගිල්ල තමා දාන්න වෙන්නෙ

      Delete