Wednesday, July 31, 2013

අනේ sir වතුර මාරු කරලා දෙන්න (please change dirty water)


අද අපේ පියන් මහත්මයෙක් ආවා කන්තෝරු පැත්තෙ. මිනිහා ආ වෙලාවට අපි වැඩිය කතාවක් නැහැ. මොකද පොර අවුස්ස ගත්තොත් එකම තැටිය හත් අට වතාවක් දදා වාතයක් වෙනෝ අපිට වැඩක් කොරන්නත් නැහැ එයින් පස්සෙ. පොර අලුත් නිවුස් වගයක් හොයන්න ඇවිත්. අපි දැන් බලමු පොරට ඊයෙ වුන දේ. එයා කියන බාසාවෙන්මයි තියෙන්නෙ. 

මං ඊයෙ ගියා රතුපස්වල පැත්තෙ ඉඩමක් බලන්න. රුපියල් අනූදහයි පර්චස් එක. හප්පේ ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු පිරිල. උයං පිහං කනවා. තේ වතුර බොනෝ කන්න උයනෝ එක වැඩයි එතන. ඉතිං ටීවි එකේ කිව්වට පස්නයක් නැහැය අනම් මනම් කියලා වතුරු බැරල් තියල යාර පන්සියෙන් පන්සියට. මහ කළුපාට බැරල් අර උත්සව වලට හෙම තියන්නෙ පාර අයින් වල ආන්න ඒවා. පස්නයක් නැත්තං මොකටෙයි බැරල් වල වතුර පුරවල පාර අයින් වල තියල තියෙන්නෙ. බොරුව නේ මුංගෙ. 

ඒ පාර මං ගියා ඒව පහු කොරල ඉඩම තියෙන දිහාට. ඉඩම තියෙන්නෙ අර රතුපස්වල  ඔය කියන රබර් ග්ලවුස් පැක්ටරිය ළඟමයි. කැසිල් මහත්තයගේ ෆැක්ටරියක්ලු. කැසිල් මහත්තයගේ නිසා කවුරුවත් මොකුත් කියන්නෙ නැහැ. ඒ හරියෙ වතුර කටේ තියන්න බැහැලු ජරා වෙල. තෙල් කවලං වෙලලු. (ඔය අතරෙ ඉතිං අපිත් පස්න අහනවා. අහන අහන එකට උත්තර දීගෙන පොර කතාව ගෙනියනවා.)

මේකනේ වැඩේ ඔය ළඟ තියෙනව වෙල් යායක්. වෙල් යායට තමයි ෆැක්ටරියෙ කුනු බට හරවල තියෙනවා කියන්නෙ. ඉතිං වෙල් යායට වැටෙන අර කුනු වතුරු කෙමිකල් වතුරු යනවා පොලව දිගේ ලිං වලට. ලිංවලට යනවාය කියන්නෙ දැං අපි ලිදක් හෑරුවය කියන්න. අපි ළිඳ හාරන්කොට උල්පත තියෙන තැනට යනකල් අපි දෝනා ගහල ලිද හාරන්නෙ නැහැ නෙව. ලිඳ හෑරුවයින් පස්සෙ අවට තියෙන වතුරු අර ලිංවලට එනවා. ආන්න ඒ වගේ අර වගුරට පැක්ටරියෙන් යන කුනු වතුරු ටික ලිං වලට ඇවිල්ල. 

ඉඩං කෑල්ල ඇවිල්ල කිරිබත්ගොඩ පැත්තෙ මිනිහෙක්ගේ. හොද වෙලාවට මේ කලබල තියෙන දවස්වලම ගියේ. මිනිහ මේ ලිං වතුර කතාවක් යන්තං වත් කිව්වෙ නැහැ. මිනිහ කියපි ඔය සෙනග ටික දවසකින් නැතිවෙනවා. මේ අද හෙට විතරයි ඕවා. ඉන් පස්සෙ ගානක් නැහැ කියලා. මාත් ඉතිං ඔය මිනිහත් එක්ක ගහගෙන මොකටයි. මමනේ ඉඩම ගන්නවද නැද්ද කියල හිතන්නෙ. ආපයින්ම හැරිල ආව එන්න. මං දැක්ක කොහද තියෙනවා තව අවුරුදු ගානක් යනකල් ඔය විස ගතිය ලිංවලින යන් නැහැලු. අපේ මහත්තයාගේ නෝන දොස්තරනේ. දොස්තර නෝනගෙන් අහල බලන් ඕන ඒක ගැන. 

පුංචි එවුං ඉස්පිරිතාලෙලු කකුල් ඇඟිලි කුනු වෙල. නාකි මිනිස්සුන්ගෙත් කකුල් කුනුවෙලාලු. වැස්සයින් පස්සෙ අර ඔක්කොම කෙමිකල් කුනු ජරාව එක්ක කුනු වතුර ගෙව්ල දොරවල් ගාවට එනව ඇති. ඉතිං පුංචි උන් දන්නවයි වසක් විසක්. වෙනද වගේ ඇවිදිනෝ ඇති. පවු අම්මප හෙන ගහනවා මේ හැත්තට නං ඕවට.
ඒ පාර මර්වියා ආවා. ඕකා එවන්න ඇත්තෙ මහ එකා වෙන්න ඇති. මොකද ඌ ආවොත් බැහැ නේ. ඒ නිසා හැම එකටම නාන එකා එව්වා. ඌ ඇවිල්ල උගේ පුතත් ඉස්පිරිතාලෙලු ඒව බලන්නත් ඕනලු. අනං මනං කියනවා.මිනිස්සු හූ තිව්ව. හූ තියල යන ගමන් මරවිය බැන බැන ගියා. පැක්ටරිය වහනවා කියල අත් තියල දිවුරල ගියාට මොකද වැඩේ වෙලා නැතුව ඇති. ඒකනේ මිනිස්සු කලබල වෙල තියෙන්නෙ. 
 
ගඳ ගහන ජලාශයක මඳ පවනේ යන බෝට්ටුවක්.
ආයිමත් මිනිස්සු පංසලට ගිහිං ඇඳ පිටින්ම හාමුදුරුවො කුදලගෙන ආව. ඇවිල්ල පැක්ටරිය ඉස්සරහින් තියල ආයිමත් පටන් ගත්ත මිනිස්සුන්ගේ වැඩේ. බාගෙද ආමි එක දාල ගහවි. පවු මිනිස්සු. එහෙං දරුවොන්ගෙ කකුල් කුනුවෙල. අනික් පැත්තෙන් බොන්න කියන්න පුක හෝදගන්නවත් වතුර නැහැ. වතුර බවුසර වලින් බෙදුවට ඇහැකිය වැඩකට එහෙම ගන්න. ඔන්න වලං ගෙඩියක් හෝදගන් ඇහැක ඔය බෙදන ජුංඩෙන්. 

මිනිස්සුන්ට නං හොදට තරහ ගිහින්. 

පියන් තුමා යන්නට ගියේය. ඔහු පියන් තුමකු වුවත් ඔහු ඒ ඉඩම බලා ඇත්තේ ඔහුගේ කඩයේ වැඩකරන කඩේ බලාකියා ගන්නා කොල්ලා වෙනුවෙනි. ඒ කොල්ලා හැටන් වල දෙමල එකෙකි. අවුරුදු දොලහක් ඔහුගේ රෙදි කඩය බලාගෙන ඇත්තේ ඒ දෙමල කොල්ලාය. එබැවින් ඌට ඉඩමක් අරන් දී ගෙයක් හදාගන්න තැනක් තිය යුතුයැයි අපේ පියන් තැන සිතයි. 

ඒ මනුෂ්‍යයාට රතුපස්වල මිනිසුන් ගැන සැබෑ කරුණාව පහල වී ඇත. නමුත් ඒ සැබෑ කරුණාව අපිට පහල වෙන්නේ කවදාද? පොලොන්නරුව පැතිවල සමහර මිනිස්සුද බොන්න වතුර නැතුව වතුර බී වකුගඩු ලෙඩ හදාගෙන අමාරුවෙන් ජීවිතගෙනියයි. ඒ ආසන්න සමහර තැනෙක අධික ලෙස කෘෂි රසායන මිශ්‍ර ජලය භාවිත කිරීම ඉහල යෑම නිසාද රෝග වැඩිවෙන බවක්ද කියවේ. 

පිටරට සිට නිවුස් බලමින් රට ගැන හූල්ලන ජනතාවට මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් අහිතකර අයන පෙරා හරින හොඳ ජාතිවල වතුර පිල්ටර ටිකක් වත් බෙදන්නට හැකියාව ලැබේ නම් එය ඊ නිවුස් බලා රට ගැන හූල්ලනවාට වඩා සිය දාස් ගුණයක් වටිනා පිංකමකි. කරන්ට් එකෙන් දුවන එවන් ෆිල්ටර් ජාතියක් ලංකාවේ පවතින බවද එයින් එකක් රුපියල් 40,000/= පමණ වන බවද මා දන්නා ඒ පැතිවල වැඩකරන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතකුගෙන් දැනගතිමු. 

(මා ලබා දුන්නේ හුදෙක් සුළු ඉඟියක් පමණක් වන අතර පොලොන්නරු පලාතේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අය ගැන ලිපියක් පසුගිය රාවය පුවත්පතක වික්ටර් අයිවන් මහතා විසින් ලියා පළකොට තිබුනි. )

10 comments:

  1. //අහිතකර අයන පෙරා හරින හොඳ ජාතිවල වතුර පිල්ටර ටිකක් වත් බෙදන්නට හැකියාව ලැබේ //

    මෙව්වා ට්‍රිට් කරන්න බෑ.... මම දැනට වටේම සාම්පල් 8කට වඩා චෙක් කරා... තියෙන තත්වෙට අනුව ගහක ගෙඩියක් කන එක පවා භයානකයි.... කියන්න කණගාටුයි.... ගෙවල් දාලා යන එක අවසන් විසදුම වෙන්න පුලුවන්... ෆැක්ටරිය වැහුවා කියලා දැන් වෙච්ච හානිය වලක්වන්න බෑ....

    කොට්ටාවෙ හයිවේ එකට කිට්ටුවත් මෙහෙම එකක් තියනවා ඒකෙත් මේ සෙතේ මයි... ඒකෙත් සාම්පල් දෙකක් අද චෙක් කරා.... වෙලාතියන හානිය දැක්කාම ඇඩෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේ හරියටම කොයි හරියෙද කියල කියන්න පුලුවනිද කරුනාකරල?

      Delete
    2. ෆැක්ටරිය අවට 2km සීමාවේ පමණයි පරික්ෂා කරේ....

      මා කියන නිසා පමනක් පිළිගන්න එපා.... තවත් කියනවා නම් මෙය පුළුල් පරේෂණාත්මක මට්ටමින් අධ‍යනයක් කොට පැමිනිය යුතු නිගමනයක්.... නමුත් විශාල මුදලක් වැය වේවි එවන් දෙයකට....

      ආසන්න වශයෙන් එක් වතුර සාම්පලයක් පරික්ෂා කිරීමට පමණක් 40,000.00 ක් පමණ වැයවෙනවා...

      Delete
    3. සමාවෙන්න මට දැනගන්න ඕනි උනේ
      ඔය අවධානම තියෙන්නෙ කොට්ටාවෙ මොන හරියෙද කියල
      ස්ථානය දල වශයෙන් වත්?

      Delete
    4. හයි වේ එන්ට්‍රන්ස් එක කියුවම තව මොනවද මචන්.... එතනත් තියෙනවා ඔය ජාතියෙ ෆැක්ටරියක්.... වෙලට තමයි වතුර දාන්නෙ....

      Delete
    5. ඇනෝ හරි. දැනට පසට වෙච්ච හාණිය සමහර විට අවුරුදු සිය ගනනක් යනතුරු බලපෑම් කරාවි.

      Delete
  2. /ඒ මනුෂ්‍යයාට රතුපස්වල මිනිසුන් ගැන සැබෑ කරුණාව පහල වී ඇත. නමුත් ඒ සැබෑ කරුණාව අපිට පහල වෙන්නේ කවදාද? /

    ඕකුන් ගැන කරුණාව නැතිවී බොහෝ කල්ය. මොකද ඡන්දයක් ආවාම ගොන් රැළක් සේ ඔය කරන එවුන්ටම ඡන්දය දෙන්නේ මුන්ය. පබාට ඡන්දය දුන්නේද මුන්ය. ඉතින් උන් පබා එක්ක බලා ගත්තාවේ. අපි කුමට වොරි වෙමුද?

    ReplyDelete
  3. අවුරුදු ගානක් ප්‍රශ්ණේ තීලත්, වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට එවන්නේ ඔහෙන් නේ. මෙතන උනෙත් පුද්ගල හානියට වඩා, සමාජයටම හානි ගෙන දෙන තත්වෙට පත් උනා. දැන් ගමම බැහැලා.

    ReplyDelete
  4. වතුර බොන්න බැරිනම් කසිප්පු බීහල්ලා කියපු නැති එක තමයි පුදුමේ.රතුපස්වෙල වයඹ හරි මධ්‍යම තිබුනානම් මිනිස්සු ගොඩ(ඡන්දේ ඉවරවෙනකම් හරි.)

    ReplyDelete
  5. pau ahinsaka minissu.ph 3.9k kiyanne thanikara acid bonne.

    ReplyDelete