Friday, August 3, 2012

විමුක්ති කාමිනිය 02


 විමුක්ති කාමිනිය 01 කියවල ආවත් හොදයි...

නැතත් ඔන් ඔහෙ අවුලක් නෑ...
ආමිලා කියන්නෙ කාන්තා සෙබල බලමුලුවක නායිකාවක්. විදෙස් සතුරන්ට මුහුනදීමට පිරිමි හමුදාවෝ වෙනත් දුරබැහැර යුධබිමකට ගිය පසු නගරය බලාගන්නට පැවරෙන්නෙ ආමිලාට සහ ඇගේ කාන්තා සේනාවන්ට...

ඉතිං ආමිලා ගහෙන් බැහැලා හසුනක් ලියලා...තමුන්ගේ විශ්වාසවන්ත දුරබලන සෙනෙවි තුමියකට දීල කිව්වා මේ හසුන තව පැයකින් අරං එන්න කියලා. ඒ හසුන ලිව්වෙ අර ආමිලාම තමයි. ආමිලා ඒක ලිව්වෙ රජතුමාගේ ලියන්නගේ ෆොන්ට් එකෙන්. රජතුමාගේ ලිපි කියවලම ආමිලාට ඒ ෆොන්ට් එක මතක තිබුනා.

ඉතිං ආමිලා ගියා කෙල්ලො සෙබලු ටික ආමිලාව වටකරගත්තා. මෙතෙක් කල් උන්ට තුවක්කු දීල තිබුනත් වෙඩි තියන්න තිබුනෙ කෙසෙල් ගස්වලට ඈත පේන පන් ගස් වලට විතරයි. ආහ් අදවත් හිතේ හැටියට වෙඩිතියන්න ලැබේදෝයි කෙල්ලෝ ටික බලාගෙන සිටියා. ඒත් ආමිලාගෙන් ආවෙ ඒ විදියෙ ආවේගයක් නෙමෙයි...

ඉතිං අර හසුන ආවා. ආ රාජ හසුනක් කලබලේට ලියල තියෙන්නෙ. අාමිලා කිව්වා.
ඒක ඕපන් කරලා බලනවා කාටත් ඇහෙන්න.. රජතුමාත් සෙනෙවිවරුත් සේනාවත් අපහසු තත්වයක. ඔබලාගේ පෙදෙසට සතුරන් පැමිණියොත් ඔබලා යටත්වන්න. ඉතිං යටත්වන්න කියන කෑල්ල ඉතාම හෙමින් ආමිලා කිව්වෙ. මේක කිව්ව විතරයි. එක්කෙනෙක් ඇදල අරං. මේ අපේ රජතුමා අපිට?
එවපු එකක්ද කියලා බැලුවා...
හරි රාජ ලේඛකයාගේ ෆොන්ට් එකම තමයි...තව එකියක් කීවා...

අවසන ආමිලා කිව්වා. මුංට පේන විදියට බොහොම ප්‍රබල ආයුද තියෙනවා. අනික අපේ අඩි පහයි අඟල් දෙකේ පිරිමි වගේ නෙමෙයි මුං අඩි හයහමාරක් විතර උස දන්ඩො. අපි දෙන්නෙක් අල්ලගත් හැකි මුං එකෙකුට. අනික මුං එන විදියෙන්ම පෙන්වා මුංට යුද්ද කියන්නෙ අපේ වාහෙලාට වගේ අවුරුදු ගනන් කොරන්න දෙයක් නෙමෙ කියලා. අඩි හයේ ලොකු උත්තුංග ශරීර තියෙන කොල්ලො කිව්හම කෙල්ලො කීපෙ දෙනෙක්ට පොඩි මෙව්වා එකක් ගියා.. ඒත් ඉතිං මේ වෙලාවෙ ඒව පෙන්වන එක හොඳ නැති නිසා සිටිය ිවිදියටම හිටියා...

ආමිලාගේ අවසාන තීරණය නියම උනා යටත් වීමට..

අපි යටත් උනොත් උන් අපේ ඇඳුම් කීතු කීතු කරලා අපි දූෂණය කරයි.
එක නිලධාරිනියක් අාමිලාට බාදා කලා...

ඔක්කොම ළමයි සීයලා, අම්මලා ලෙඩ්ඩු ගෙවල්වලට දාල ලොක් කරන්න. අපි දූෂණය උනත් දූෂණ කවුරුත් දැක්කෙ නැති උනොත්...කවුරුත්ම දන්නෙ නැති උනොත්..අඩු තරමෙ අපේ අයට ඒක පුදුමයක් නොවුනොත් ඒක ගානක් නෑ...ආමිලා කිව්වා...

මේ කතාවලට මුලු සේනාධිනායක කාන්තාවන් සියල්ලම පුදුම උනා. වාද කරන්න පෙරලි කරන්න නව මත ඉදිරිපත් කරන්න වෙලාවක් නෑ. මොකද තව පැය දෙකකින් සතුරු හමුදාව මෙහෙ.

ඒත් කලිං කතාකල එක් සෙනවි නායිකාවක් කතා කලා. සතුරන් අපේ තනපට ඉරා දමනවිට...ඔවුන් දැඩිව සිනාසී අපව සූරාකන විට..මටනම ්ඉවසා ගන්ට අමාරුයි ආමිලා මැඩම්...

ආමිලාට ඒකටත් උත්තරයක් තිබුනා.. හරි දොරවල් ටික වහල කස්ටිය ලොක්කරල කිසිම කෙනේකට එලියට එන්න බැරිවෙන්න හැකි ඉක්මනින් දොරවල් වලට ඇණ ගහල හරි ඉක්මනින් එන්නෙකෝ...ආමිලා කිව්වා...

සතුරු සේනාව මඟ එන පණිවිඩකරුවෙකුගෙන් සහ සිය ඔත්තු සේවා මාර්ගයෙන් මේ තමුන් යන්නේ කාන්තාවන් පිරි නගරයකට බවත් එහි සිටින සේනා වෙනත් ස්තානයක බවත් දැනගත්තා. දැනගත්තේ ඉදිරි පෙරමුනේ සතුරන් එනතුරු බලාසිටින හමුදාව විසින් සිය කාන්තා හමුදා වෙත එවන ලද පණිවිඩ කරුවකුගේ මාර්ගයෙන්...

ඒ නගරයේ වෙසෙන්නේ කාන්තාවන් පමණක් බව මේ අය කලින්ම දැනගන්නවා...මේ රටේ පවතින් තත්වය අනුව ශරීර ශක්තියෙන්, උපාය ශීලි්තවයෙන්....සහ ආයුධ ශක්තිෙයන් තමුන්ගේ හමුදාව ශක්තිමත් බව මේ සතුරු හමුදාව අධිතක්සේරුවකින් සිටියා... ඉතින් මේ අය මේ පණිවිඩකාරයාගෙන් දැනගත් තොරතුරු මුලු සේනාවටම කියනු ලැබුවා. සේනාව කාන්තා හමුදාවට වෙඩි තැබීමටත් වඩා ඉතිරිවෙන කාන්තාවන් දූෂණය කිරීමේ පරපීඩක කාමයෙන් ඇලලුනා...එකෙක් මං උන්ගේ කලිසම මේම ගලවනවා යැයි..පෙන්නා අනෙකාගේ කලිසම ගලවන්ට පවා පෙළඹුනා...

සතුරු හැඟීමත් රාගයත් මුසුව එන සේනාව සිතා සිටියේ ඉතා ඉක්මනින් සිය යුද කොටස් හමාර කර දින ගනනාවක් නොලැබ සිටි කම්සැප සැනෙකින් ලබා ගන්නටයි...

සේනාව ඉදිරියට එනවා එක් තැනක පර්වත ප්‍රාන්තයක් හමාර වෙනවාත ්සමඟම සුදු කොඩි සුදු රෙදි වලින් සැරසුනු විශාල අශ්වන් රොත්තක් එනවා පේනවා. ඒ අශ්වයින් පිටුපසින් දක්කාගෙන එන අයුරු පෙනුනත් ඒ කවුදැයි පේන්නේ නෑ...

මෙය යුධ උපක්‍රමයක් යැයි සිතූ සේනාව..වහා අශ්වයින්ට වෙඩි තබනවා. අශ්වයින් සීසී කඩ මැරී වැටෙනවා. ඒ අතරන් සුදු කොඩි එසැවෙනවා...අශ්වයින්ට සැඟවී සිටි නිරුවත් ගැහැනු විශාල ගණනක් එලියට එනවා.... එයින් මුල් පෙළ කිහිප දෙනෙකුට වෙඩි වදිනවා. නමුත් නිරුවත් සරීරයේ හෙලු ආයුධ හැර වෙනත් සඟවාගත් ආයුධ තිබිය නොහැකි නිසාත් ..දැත් දෙපා සියල්ලට තිබුනේ එක් විශාල සුදු කොඩියක් පමණක් නිසාත්....
ඒ සුදු කොඩි සහිත කාන්තාවන්ට වෙඩි තැබීම වහාම නතරවනු ලබනවා.. ඉන් පසු නායක ආමිලා විසින් ඉදිරියට පැමිණ දෙඅත් ඔසවා සුදුකොඩි ඔසවා දනින් නැමී ආචාර කරනවා. නායක ආමිලා කරන දේම කරන ඇයගේ බලකායත් නැමී ආචාර කරනවා.

බියෙන් සැලීගිය පියොවුරු මේ කුමක් වීදෝයි ඉදිරිය බලා ආචාර කරමින් සිටියා... සමහරු නෙත්කලු ඉස්ත්‍රින් සමඟ සහවාසයේ යෙදී ඇතිමුත් මෙතරම් ඉස්ත්‍රින් තොගයක් එකවර නිරුවතින් දුටු හමුදා පෙළට කරකියාගත හැකි දෙයක් නොමැති තත්වයට පත්වුනා...

ඉන්පසු ඉදිරියට ගිය සේනාධිනායක තුමා සතුරු ස්ත්‍රී හමුදාවේ නායක ආමිලාගේ අත ගෙන සිප ගන්නවා.. ඉන්පසු ඇයව සිප වැලඳගෙන නාකි සෙන්පතියා විසින් වැළඳගන්නවා. ඒ සැනින් මහ බල්ලා වාඩිවී මුත්‍රා කරයි නම් කුඩා බල්ලන් සිටගෙනත් මුත්‍රා කරන සිරිත ඇති සෙබලු පිරිස තමුන්ට රිසි රිසි ගැහැනුන් සිප වැලඳගන්නවා. සමහර මලපෙරේතයන් ගෑනු දෙක තුන එකපාර බදාගන්නට ගොස් නොයෙක් අනතුරු වලටත් ලක්වන්නට යනවා..

සමහර ගැහුනු සෙබලියන් අයියෝ අර හැන්ඩ්සම් උස කෙනා මේ කොටාට වඩා හොඳයි කියා සිතුනත්, ඔය ආව එකා හොදයි කියන්නාසේ තවත් දැඩිව ඇලී සිපවැලඳගත්තා.. සමහරෙක් මේ සුවල්ප අවස්ථාවේද වනචර වැඩ කරමින් පියොවුරු තදින් අල්ලමින් දැඩි පීඩනයකින් සිප වැළඳගත්තා. ඉන්පසු ඔවුන් ඔවුන් රැගෙන ආ සුදුකොඩි වලින් සිය හෙලුව වසාගෙන යලිත් ගම බලා යනවා...

ඒ අතර සේනාව එන්නටත් ප්‍රථම මැඩපැවැත්වීමට ඉදිරියට ගිය සේනාවෝ වෙනත් පිරිසකට අසුව සිරකරුවන් බවට පත්වෙනවා. එතනදීත් බොහෝ දෙනා යුද්ද කිරීම පසෙකලා පැන දිව් හෙයින් ඔවුන සිරකරුව්න බවටම පත්ෙවන ලදී...

නොබෝ කලක් ස්ත්‍රී සුවයෙත් වෙනත් කෑම බීමාදියෙහිත් ගැලී සිටි සතුරෝ ස්ත්‍රී සමාගම් හැරදා යලි සිය රටට යනවා. ඒ අතර ඇතැමෙක් හමුදාවෙන් ඉවත් වී අලුත් නගරයේ පදිංචි වෙනවා. ඒ අතර සිරකරන ලද තමුන්ගෙ නෑයින් සියලු දෙනා ඉතා දුර ගමන් ගෙවා යලි නගරය වෙත එකා දෙන්නා පැමිණෙනවා...

කලක් යන විට සුදු කලු අලු සම් වලින්...අඩි පහේ හයේ හතේ උසින්..වැඩුනු නොවැඩුනු කේඩෑරි පුෂ්ටිමත් ශරීර වලින් යුත් අමුතුම ජාතියක් මේ නගරය තුල ඇතිවෙනවා...

ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ මද්දුම බන්ඩාර කලා වගේ වගේ ඔන්න දංගෙඩිය මෙන්න හිස කියලා සතුරු හමුදාවට ඉඩ නොදී මරණයට පත් වුනානම් ඔවුන් ගැන කතා ලියවේවි. ඒඋනාට ඔවුන්ගේ ජීවිතය ඉවර වෙලා යාවි නේද? ඉන්පසුව සතුරන් පැමිණ අසරණ මවුවරුන් දියණියන් අැද එලියට දමයි නේද?

පිරිමි කරන හැම මරි වැඩේම ඉවසගෙන ඒ විදියට ජීවත් නොවී..පවතින ක්‍රමයට අනුව වෙනස් වෙන්න පුලුවං විදියෙ අමුතු චරිතයක් විදියට ආමිලා ඇදින්නුවෙ මගේ යාලුවා...මට පොත දුන්න කෙනා...


අහ් පුදුම සීතලක් නේ..බෝඩිමේ ඇඳෙ මා අද ටිකක් දවල් වෙනකල් නිදාගෙන නේද? මට හිතුනා..

විමුක්ති කාමිනිය 01 ත් කියවල බලන්නකෝ....
 

13 comments:

  1. ඔහොම ඇඳුං ගලෝලා යන්න සීතල දැනේනේ නැද්ද?

    ReplyDelete
  2. අර ආමිලාට විරුද්ධව කතා කරපු යුධ බට්ටිච්චී ගේ නම නේවිලා නේද?

    ReplyDelete
  3. ඔව් යුද්ධ කලා නම් වෙන්නේ ආමිලත් නැසිලා බාල මහළු සියලු දෙනාත් මැරිලා නගරෙත් නැසි යන එකයි. එහෙම බලද්දී ආමිලා උපක්‍රමශීලි වෙලා තියෙනවා. හමුදාවක් කරන්න ඔනේ තමන්ගේ දේශය වෙනුවෙන් තියෙන වටිනා ම දේ වෙන පණ දෙන එක. එහෙම බලද්දි මේ දෙයත් ඒ වගේ. එත් මේ දේ ලියන්න භාවිතා කරන බස ඒ ආමිලා ගැන ටිකක් උපහාසාත්මක චිත්‍රයක් මවනවා දෝ මංදා.

    යෙහෙළියක්.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා දේශය වෙනුවෙන් දේහය කැප කරන්න සෑම ‍සැබෑ සෙබළෙකුගේම යුතුකම සහ වගකීම. ඒක සෙබළියකුටත් පොදු ධර්මතාවයක් උනාට සෙබළියක් නම් ලිංගිකත්වය ඉස්සර වීම බොහොවිට සිදු වනවා. නමුත් කතා කරන්නේ නෑ කවුරැවත් මේ වගේ ස්ථාන වල සිදු විය හැකි සමලිංගික පීඩාවන්/ දුෂණයන් ගැන. ඒ දේවල් තාම සමාජය කතා කරන තැනට ඇවිත් නෑ. මේ ලිපිය ඒ අතින් කතා කරන්නේ ඒ පොදු සමාජ චින්තනේ උඩ ඉඳන්.

      යෙහෙළියක්.

      Delete
  4. මේක හරි අමුතුයි.ඔබ හිතල තියෙන විදිහ....නියම ප්‍රබන්ධයක්‌.,අවසානය දක්වාම කුතුහලය.අපූරුයි!!

    ReplyDelete
  5. "ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ මද්දුම බන්ඩාර කලා වගේ වගේ ඔන්න දංගෙඩිය මෙන්න හිස කියලා සතුරු හමුදාවට ඉඩ නොදී මරණයට පත් වුනානම් ඔවුන් ගැන කතා ලියවේවි. ඒඋනාට ඔවුන්ගේ ජීවිතය ඉවර වෙලා යාවි නේද?"

    මේ උපමාව එළ හරකයි, මී හරකයි වගේනේ !!!

    සතුරාට රෙද්ද ඉස්සීම වීරත්වයක්ද?

    මද්දුම බණ්ඩාරට ජීවිතයද මරණයද යන්න තෝරා ගැනීමට අවස්ථාවක් තිබුනාද?

    "ඉතිං ආමිලා ගහෙන් බැහැලා හසුනක් ලියලා...තමුන්ගේ විශ්වාසවන්ත දුරබලන සෙනෙවි තුමියකට දීල කිව්වා මේ හසුන තව පැයකින් අරං එන්න කියලා. ඒ හසුන ලිව්වෙ අර ආමිලාම තමයි. ආමිලා ඒක ලිව්වෙ රජතුමාගේ ලියන්නගේ ෆොන්ට් එකෙන්. රජතුමාගේ ලිපි කියවලම ආමිලාට ඒ ෆොන්ට් එක මතක තිබුනා."

    එතකොට ආමිලා වංචාකාරියක් නෙවේද?

    ReplyDelete
  6. "ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ මද්දුම බන්ඩාර කලා වගේ වගේ ඔන්න දංගෙඩිය මෙන්න හිස කියලා සතුරු හමුදාවට ඉඩ නොදී මරණයට පත් වුනානම් ඔවුන් ගැන කතා ලියවේවි."



    මේ උපමාව එළ හරකයි, මී හරකයි වගේනේ !!!

    මද්දුම බණ්ඩාරට ජීවිතයද, මරණයද යන්න තෝරා ගන්න අවස්ථාවක් තිබුනාද?

    "ඉතිං ආමිලා ගහෙන් බැහැලා හසුනක් ලියලා...තමුන්ගේ විශ්වාසවන්ත දුරබලන සෙනෙවි තුමියකට දීල කිව්වා මේ හසුන තව පැයකින් අරං එන්න කියලා. ඒ හසුන ලිව්වෙ අර ආමිලාම තමයි. ආමිලා ඒක ලිව්වෙ රජතුමාගේ ලියන්නගේ ෆොන්ට් එකෙන්. රජතුමාගේ ලිපි කියවලම ආමිලාට ඒ ෆොන්ට් එක මතක තිබුනා."

    ආමිලා කියන්නේ වංචාකාරියක් නෙවේද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්ෙන් මද්දුම බන්ඩාර වීරයෙක් කියලා...අපිට එහෙම උගන්නලත් තියෙනවා...
      ඒත් ඇත්ත ඒකද?
      ඒ වෙලාවෙ තමුන්ගෙ ජීවිතේ බේරගන්න හැංගුනු ලොකුබන්ඩාරට වඩා මෙන්න ගනිව් කියල බෙල්ල දුන්නු මද්දුම බන්ඩාර වීරයෙක් වෙනවා...මිනිහෙක් තමුන්ගේ සතුරාට පූර්ණ ලෙස යටත් වී....පූර්ණ ලෙසම සතුරා ඉල්ලන දේ දෙනවානම් එතන කොහේද වීරයෙක්...

      Delete
    2. මම මෙතන කියල තියෙනවද මද්දුම බණ්ඩාර වීරයෙක් කියලා??
      මම කියල තියෙන්නෙ මද්දුම බණ්ඩාරට මරණයට මුහුණ දීම හැර වෙනත් කිසිම විකල්පයක් නොතිබුණු බවයි ආමිලාට වගේ.
      මද්දුම බණ්ඩාර මරණයට(එකම තේරීම ) නිර්භිතව මුහුණ දුන් බව පමණක් කිව හැක.

      මද්දුම බණ්ඩාරගේ පියා රාජ ද්‍රෝහියෙක්(දේශ ද්‍රෝහියෙක්ද කියානම් මම නොදනිමී)!!!

      "ඒ වෙලාවෙ තමුන්ගෙ ජීවිතේ බේරගන්න හැංගුනු ලොකුබන්ඩාරට වඩා මෙන්න ගනිව් කියල බෙල්ල දුන්නු මද්දුම බන්ඩාර වීරයෙක් වෙනවා...මිනිහෙක් තමුන්ගේ සතුරාට පූර්ණ ලෙස යටත් වී....පූර්ණ ලෙසම සතුරා ඉල්ලන දේ දෙනවානම් එතන කොහේද වීරයෙක්..."

      මේ තර්කය දැක්කහමනම් හිනා වෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්නත් බෑ.

      හොඳයි, ලංකාවෙන් 2/3 ඊලමක් ඉල්ලපු ප්‍රභාකරන්ට මුළු ලංකාවම දුන්නනම් ඒකත් වීරකමක් !!!!!!

      කොමෙන්ටුවේ නොකිව්ව දෙයක් අල්ලාගෙන් පිළිතුරු සපයන්නේ නැතිව ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න.

      Delete
  7. ශික් ආපරාදේ අපි හිටියේ නෑනේ සතුරු හමුදාවේ .....

    ReplyDelete
  8. මද්දුම බණ්ඩාර වීරයෙක් වෙන්නේ වෙනස් කල නොහැකි ඉරණමකට දිරියෙන් යුතුව මුහුණ දුන් නිසාත්.ඔහුගේ එම හැසිරීම මගින් දඩුවම ලබාදුන් තැනැත්තාගේ තෘප්තිය අඩුවූ නිසාත්ය.

    ReplyDelete
  9. ඇයි මේකට විමුක්ති කාමිනිය කියන්නේ. විමුක්නිය වෙනුවෙන් කාමුක(ප්‍රිය) වු නිසා ද? නැත්නම් කාමයෙන්(රාගික) විමුක්තියක් සොයා ගියා යැයි සිතන නිසාද?

    ReplyDelete
  10. maru kathawa...madduma bandarath weerayek.aamilath weerayek.dennama thamange jeewithe puda karanne nirbithawane.dennama pararthakamiwa hitala tiyenawa.dennama weerayo :D

    aarmila wimukthi kaminiyak une.egollange rate hitiya piriminta virudda wela.(habai e rate hitiya piriminta virudda wenna sadarana hetuwak tibunada kiyala nam man danne na :D)

    weerayek wenne jeewithe puda karala.thamange sirura puda karana kenek unath weerayek.mokada ekath jeewithe tharamma watina ekak.eth e sirurua puda karana kenake hite thiyena de anuwa tamai eka theerane wenne.me kathawe eka thanakawath na aarmila kamaththen sirura puda karanawa kiyala.e wagema aarmila ethana hitiya usa kadawasam ekawa thora genath na. :D

    ReplyDelete