Thursday, September 12, 2013

kandy tour 2 නුවර ගමන 2

අපි නුවර ගියෙමු. අපි ගොස් දළදා හාමුදුරුවන්ද දැක බලාගෙන ආමු. අපිට ඒ ගමනට යාලුවෝ ගොඩක් උදව් කලෝය. උන්ට ස්තූතිය. උන්ගේ නම් කියන්න ගියොත් මේක පංසලේ පිංකම වගේ වෙනවා. ඒ නිසා නම් කියන්නෙ නැහැ. අපි දැන් ඒ ගමෙනෙදි වුන මතක සටහන් කිහිපයක් සලකා බලමු. 
අපි ගියෙ ්දුම්රියේය. දුම්රිය නුවර යෑමට කියාපු ක්‍රමයකි. මෙතැන සිටිනා විට ස්වල්ප වේලාවකින් දුම්රිය ආ අතර යාලුවෝ කිහිප දෙනෙක් මිසින් විය. මා දුවගොස් ආසනයක් ලබා ගත්තත් මිතුරන් ආසන ලබාගත්තේ නැති නිසාද කස්ටිය එකතැනක සිටි යුතු නිසාද මා යලිත් ආමි. මෙතැන සිටින විට අංකලයෙක් පැමිණ මේ දුම්රිය ගම්පහ නවත්වනවාදැයි ඇසීය. ගම්පහ නැවැත්තුවත් අපි ගියේ ඉන්ට සිටියක බැවින් අංකලයා හසුවුවොත් දඩ කන්නට වේ යැයි මහා කරුණා උපදවා මං තොමෝ.. මේ දුම්රිය ගම්පහ නවත්තනවාදැයි දන්නේ නැතැයිද? මෙහි ගියොත් දඩ කන්නට හේතුවාසනා වේ යැයිද? අසුරු සැනින් චෙකර්ලා එහෙ මෙහෙ ඇවිදිනු දුටු බවද ? ඒ ඩෝප් කාරයාට කීවෙමි.විගස කිපුනු ඒ මහතානෝ.. තමුසෙගෙන් ඇහුවෙ ගම්පහ නවත්වනවා කියලා නේ? තමුසෙ නිකං පැනලා දෙන්නෙ නැතුව ඉන්නවා ඕයි හෝ ඒ ආසන්න වචනයකින් ප්‍රතිවදන් දුනි.මට මහත් ප්‍රීතියකි ඇතිවුනේ. 

රෑ දොලහට ගිටාර් එකක් අරගෙන කනත්තක් ළඟින් ගියේ කවුද? උත්තරය ඇන්ටන් ජෝන්.සිංදුව “මම බොහොම බයවුනා“.  ඒ කතාවෙදි ඇන්ටන් අයියට මෝහිනි හම්බෙනවා කනත්ත ගාවදි. නමුත් මෙතනදි ඇන්ටන් අයිය ගෙ ගිටාර් එක අහිංසක ගෑන්ලමයෙක් අරං යනවා. මුරට යන අනික් යාලුවො දෙතුන් දෙනා අඳුනනවා ඇති නේ. 
ආ තව දෙයක් මෙතනදි කස්ටිය බඩු මලු එහෙම උස්සගෙන ගියා. ඔය බඩු මිලදී ගන්න අපි ගියා ෆූස් සිටියකට. ගෙදරකට යනකොට අත් දෙක වන වනා නොගිහින් බීම බෝතල් හෙම ගෙනියන එක දැන් ආර්ය චාරිත්‍රයක් වෙලා. අපි ඉතිං බීම නොවුනත් සීනි තේකොල ගෙනියන්න ඕනි කියල හිතුවා. ඔය අතර ඔතන වැඩෙත් ඇරේන්ජ් කරන්න අපේ ගරු මන්ත්‍රිතුමා ඉදිරිපත් වුනා. එතුමාගේ මැදිහත්වීමෙන් මං තුමාගේ දායකත්වෙන් දුඹුරු සීනි කිලෝ දෙකකුත් සුදු සීනි කිලෝ තුනකුත් වශයෙන් අපි මිලදී ගත්තා. ඇයි ෆුඩ් සිටියෙ නිල් පාට සීනි එහෙම තිබුන් නැත්තෙ?  තිබුනනම් අපේ ගරු මන්ත්‍රියානේ නිල් සීනිත් කිලෝවක් ගනීවි. 
ඒව අරං අපි ඒ ගෙද්‍ර ගියාම අම්මාට පුදුමයි. ඇයි මේ සීනි වර්ග දෙකක් කියලා. 
මේ පිංතූරෙ සැලකිල්ලෙන් බලන කෙනෙක්ට දුම ගතියක් පේනවා ඇති. උදේ පාන්දර නැගිටිනකොට නවය විතර වෙලා. ඒ වෙලාවෙ මොන මී දුමක්වත් නැහැ පොටෝ එකක් ගන්න. දෙයියො දැක්ක වගේ පහල ගෙදරක අක්ක කෙනෙක් මතුවුනේ ඒ වෙලාවෙ. අක්කා ටිකක් අමු වගේ කොළ ටිකක් පහල සිට ගිනි තියනවා. ඉතිං රටාවට දුම් රැල්ලක් නගිනවා. මගේ ඇස් ඇල් ආර් බාගෙට දුම ටිකයි සෙට් වුනේ. සුපිරි කැම් එකක් තිබුන නම් පොටෝ වලට කියාපු මී දුම. 

අපේ ගමනට යූකේ කිට්ටුව පොරක් සෙට්වුනා. යූ කේ කිව්වට ඉතිං ටිකක් කටුනායක දිහාට වෙන්න තමයි උපන් ගම.උස්වැටකෙයියාව වගේම යුනයිටඩ් කින්ඩමුත් මිනිහට ටිකක් ළඟයි.ඉතිං එයා එක්තරා පැත්තකින්(වෘත්තිය අනුව)  හරිම වීරයෙක්. ඒ අයියා කොච්චර රට රාජ්ජවල වීරයා වුනත් මොකෑ මේ හෙල්ලෙන පාලමට නම් ටිකක් බය වුනා. මැදට ආවම නිකං වෙවුලන ගතියක් ජනනය වුනාලු. ඒත් විසාල අවුලක් වුනේ නැහැ අපි කිසිම කරදරයක් නැතුව එගොඩහ පැත්තට ගියා. 
මේ ගණිතයා කරන්නෙ ගාන නිර්ණය කරන එක. ඒකට වටපිටාවෙනුත් අවවාද අනුශාසනා ලැබෙනවා. කොහොම වුනත් වෙලාව නිර්ණය කරලා සියල්ල සකසලා අපි ඔක්කොමල්ලා ලෑස්ති වෙනකොට ගනන් හදලා වෙලාව බලලා කාලසටහන හදපු ගණිතයා නානව. නැත්තං මේක් අප් දානවා. ගණිතයා ගනන් හදන්න වගේම ගොඩක් දේවල් වල කෙල පැමිණි අයෙක්. ගණිතයා කියන්නෙ ඉස්සර රජගොල්ලන්ට හෙම සපෝට් එකට වෙලාවල් හදල දුන්න බුවෙක්. මේ තුමා නම් වෙලාවල් හදන්න දන් නැහැ. නමුත් රජතුමාගේ සපෝට් එකට නම් දත මැදගෙන පෙනී සිටිනවා. 
අපි බස් එකේම නුවරට යන්න පිටත් වුනා. ඇත් අස් රිය කොච්චර තිබුනත් ට්‍රැෆික් නිසා යන්න බැහැ. අස්සයගේ ක්ලච් එක පාගගෙන ඉන්නවට වඩා ලේසියි බස් එකේ නැගල යන එක. පොඩි මල්ලිල දෙන්නෙක් ආට් වල තියෙන එකම සයන්ස් සබ්ජෙක්ට් එක ලියන්න යන්න ලෑස්ති වෙලා තිබුනා. ආට් වල තියෙන එකම සයන්ස් සබ් එක තමයි පොලිටිකල් සයන්ස්. මල්ලිලා දෙන්න යසට විබාගෙ ලියන්න ඇතිය කියලා අපි හිතනවා. 
අපිට විසාල දානයක් ලබාදීල ලොකු පිනක් සිද්ද කරගත්ත පූර්ණිමා නංගිට අපේ රනායියා පොඩි ඩාන්ස් එකක් දානවා. 
මේ ඇතාට පොඩි අවුලක් තියෙනවා. ඇතාට පෙරහැර මැද පෙරහැර නැවතුනාම නින්ද යනවාලු. ඒ වගේම මේ ඇතාට මහපු ඇඳුමෙ පොඩි ලිස්සන ගතියක් තියෙන නිසා ඇතා පිට යන කෙනාට අපාසුතාවයක් තියෙනවාලු. ඔය අතර මානව සම්පත් කළමනාකරනයේ සිල්ප දත් අප අතර සිටි අයෙක් ඇත් සම්පත් කළමනාකරණය ගැනත් සොයාබලන්න ඕනි කියලා මෙතන නැවතිලා ඇත් සම්පත් කළමනාකරනය ගැන සොයාබැලුවා. ඒ අතර ඇතා හැක් කරන්න ඇතාගේ සොෆ්ට්වෙයා ගැන දැනගන්න හදපු අයත් ඉන්න ඇති. ඉතිං මොන කාලෙත් කමකට නැති අපි වගේ බකං නිලාන්ස්ලා ඇතා දිහා බලං ඉදලා යන්න ආවා.
දනට යන පිරිසක් කියලා කොහෙත්ම නොපෙනුනාට මේ යන්නෙ දහවල් දානෙයක් වගේ එකකට. අපරාදෙ කියන්න බැහැ අපේ පූර්ණිමා ලොකු පිනක් සිද්ද කරගත්තා ඒ දානය ලබා දීලා. අලිපේර ගහෙ තවත් ගෙඩි පල දරන්න ඕනි. ඒ ඒ වගේම පූර්ණිමාගේ පැතුම් මල් ගහත් පීදිලා පල බර වෙන්න කියලා අපි පාර්ථනා කරනවා. 
එක යාලුවෙක්ට දතක අමාරුවක්. ගියා දත පෙන්නල එන්න. දත පෙන්වනකල් අපිත් පොඩි වෙලාවක් එතන නැවතුනා. ඒ අතර යන්තං අනික් අයගේ දත් ටිකත්පොටෝ ගහල තියාගන්න ඕනි කියලා මම හිතුවා. මොකද මේ නාකින්ගේ වයසට ආයි දතක් ගැලවුනොත් එන්නෙ නැහැ. දාන්න වෙනවා නේ.
අපේ යාලුවෙක්ගේ ෆේස්බුක් එකේ විෂ්නු දෙයියො ඉඳලා ඒ යාලුවට නුවර විෂ්ණු දේවාලෙ ළඟ ආසන කිහිපයක් ලැබිල තිබුනා. බාගෙදා ෆේස්බුක් එක නිල්පාට නිසා විෂ්ණු දෙවියො ඒකෙ ඉන්නවා ඇති. කෝම වුනත් පෙරහැර කිසි කරදරයක් නැතුව බලන්න අපිට හැකි වුනා. ඇහැ උඩ තිව්වා වගේ අලි බලාන්ට පොටෝ ගන්නත් ලැබුනා. ඒ අවස්ථාව ලබා දුන්නට ඒ යාලුවටත් විෂ්ණු දෙවියන්ට ත් බෝමැ පින්. 
මගේ කැමරාව බූතයො අමනුස්සයො පොටෝගන්න විසේසයෙන් හදපු එකක් නොවුනාට මේ වෙන යාලුවෙක් පොටෝ එකට අල්ලනකොට බූතයෙක් වැදිලා. මේක පේස්බුක් එකේ අප් කලාම යාලුවෙක් චැටට ඇවිත් කියනවා සයිබර් සෙට් එකක් කොහෙ ගියත් මේ බූත් ජී( භූත මහතා) නැති තැනක් නැහැ කියලා. සමහර විට සයිබර් ඉවන්ට් වලට අරක් ගත්ත භූතයෙක් වෙන්නත් බැරි නැහැ. 
මන්තිරියෙක් වෙන්න නිලමෙක්කාරයෙක්  වෙන්න මොන සුදුසුකම තිබුනත් මුන්දැට තව ටිකක් බඩ මදි නේ. බඩ නිකං හැදෙනවැ. කෑම අනුව නෙව බඩ.මන්තිරිතුමා ඇමතිතුමා වෙනකොට ඉබේම බඩ ආදිය හැදෙනවා .ස්කෝලෙ ක්‍රිකට් ගහල යන සුට්ටං කොල්ලො නැෂනල් ටීම් ගියාට පස්සෙ ලොකු වෙලා එනවා නෙව බලං ඉද්දි.

5 comments:

  1. මරු ට්‍රිප් එක ආ.......
    ඒක නෙමේ අර ගෑණු දැරිවිගෙ කොණ්ඩෙ නම් පංකාදුයි.......

    ReplyDelete
  2. කනත්ත ගාවින් ගිටාර් එක අරං ගියේ ඇන්ටන් ජෝන් නෙවෙයි බං..මැක්ස්වල් මෙන්ඩිස්...

    ReplyDelete
    Replies
    1. හෑ එහෙමද? එකම ටෝන් එකෙන් නේ ඇහෙන්නේ... ඒකයි කේෂ් එක..

      Delete
  3. ඈ... පරිසරය නම් පෂ්ට.. ට්‍රිප් එකත් එල කියලා හිතෙනවා රහට ලියලා නිසා... ජය වේවා..

    - මම Bora Diyaka Induwara

    ReplyDelete
  4. හොඳට විනෝද වෙන්න ඇති නේද?

    ReplyDelete