Monday, September 2, 2013

ලක්සෙ වටින චාරිකාව (One hundred Thousand Tour)

ලංකාන්ඩුවෙන් අලුතින් අධිවේගි මාර්ගයක් හදල කොළඹ ඉඳලා කටුනායකට යන්න. මම පුද්ගලිකව හිතන විදියට හරිනම් ඕක තමයි කලින්ම හැදෙන්න ඔන එක්ස්ප්‍රස් හයි වේ එක. අපි හොඳ වෙලාවට දඩ ගහන්න කලියෙං ඒක ඇතුලට ගිහිං බලල ආව. දැන්නං ඇතුල්වෙන අයට දඩ ගහනවාය. ඒ නව අධිවේග මාර්ගයට ඇතුල්වුනොත් දඩය රුපියල් ලක්ෂයක්ය කියලා වෙබ් අඩවි නිවුස් වල තිබුනා. දැන් ලක්ෂයක් ඇති මිනිහෙක් ඇරෙන්න ඕකට කවුරුත් යන එකක් නැහැ.අපිනං පූරුවෙ පිනකට වගේ කලිං ගිහිං ආවා.
මොන දේටත් කලිංයෙන් අපි ෆුඩ් සිටියට ගොඩවෙලා කොකා කෝලා අරගෙන උන්නා. කොකා කෝලා කියන්නෙ ඇට දිරන බීමක්. බොන්නත් හොඳ නැහැලු. මම වැඩිය මනාපයක් නැති වුනත් ඉතිං. ඔන්න මං ඕවට ආස නැහැ. මට බැහැ කියලා පොඩි එකා වගේ කෑ ගහල පෙරලි කරන්න ගියෙ නැහැ. උන් යන විදියට යනවනං ඉතිං පොඩ්ඩක් ඕක බිව්ව කියල අවුලක් නැහැ නෙව. පස්සෙ අපි කලේ සීදුවෙ ටේස්ටි ජේ එකෙන් රුපියල් සීයට මැක්සා(රයිස් එකේ නම නොවේ) රයිස් ගත්ත එක. සීයට ගත්තා කිවෙ වංචා කරා කියන එක නෙමෙයි. ඒකෙ සෝක් රයිස් එකක් රුපියල් සීයකට දෙනවා. අපි එයින් දෙකකුත් ගත්තා. තව ඉතිං බයිට් ආදියත් අපි ෆුඩ්සිටි එකෙන්ම ගත්තා.
අපි මේ ඇතුල්වෙන්න යන්නෙ කටුනායක අධිවේගි මාර්ගයට කටුනායක පැත්තෙන්. ඒ පැත්තෙ මීගමු ප්‍රධාන පාරෙන් උඩට තියෙන තැනින් තමයි අපි ඉහලට ගියේ. 

මහ ජනතාව බයිසිකල් පුස් බයිසිකල් වලිනුත් ඇවිත්. අධිවේගි මාර්ගයට පුස් බයිස්කල් නිකං නොගැලපෙන ගතියක් තියෙනවා. ඒත් ඉතිං මේකෙ වැඩකරන සේවකයෝ හෙම පුස් බයිසිකල් වලින් යනවා එනවා. නැත්තං පයිං යන්න පුලුවන් දුරක්යැ තියෙන්නෙ. එක වැඩකරන තැනක ඉදලා තවත් වැඩකරන තැනකට ටිකක් දුරයි. ඉතිං බයිසිකල් වල යන එක එයාලට ලේසි ඇති. 
මේ මීගමු කලපුව. මේ පාර විවෘත කරපු දවසක කටුනායක යන ජනතාවට මීගමු කළපුවේ මනරම් දසුන් නරඹන්න අවස්ථාවක් ලැබෙනවා. මීගමු කලපුවේ ලක්ෂණ කොටසක් මේ අධිවේගි මාර්ගයට හසු වෙනවා. මීගමු කලපුවේ මාලු අල්ලන ඔරු ආදියත් පේන්න ඇති. ඒත් අපිට බලාගන්න බැරි වුනා. අපි ටිකක් ඈතට ගිහිල්ලම නවතින්න හිතා ගත්තා. 

යාලුවා මොකද්ද පාර්සලයක් පෙන්වනවා. මේ යාලුවො දෙන්නා තමයි අපේ ගමන සංවිධානය කලේ ගමන කිව්වට ලොකු බක්කක් නැහැ. බයිසිකල් තුනයි. මිනිස්සු හයයි හෝ පහයි. කෝම වුනත් සංවිධාන කටයුතු හොදට තිබුනා. අධිවේගි මාර්ග සයිට් එක නිර්මාණය වෙච්චි ලක්ෂන පරිසරය නිසා අපිට බලන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා තිබුනා. 

පෙන්නුම් කරන විදියට මේක තවත් පිවිසුමක් වෙන්න ඇති. ඒ  මාර්ග සයිට් එකේ පිරිස සෙල්ලම් කරනවා. අහස කලුවෙලා තිබුනා. අපි බයවුනා වහී කියලා. නමුත් හොඳ වෙලාවට වැස්සෙ නැහැ. මෙතන බිල්ඩින් තුන හතරක් හදල තියෙන්නෙ මොකක් හරි නවාතැනක්ද දන්නත් නැහැ. 
මේ මාර්ගයේ බොහෝමයක් තැන් හදලා තියෙන්නෙ වගුරු බිම මීටර් කීපයක් යනතෙක් මුහුදු වැලි සහ වෙනත් පස් වලින් පුරවලා. මේ විදියෙ ලොකු යකඩ ඇත්තු ගොඩාියක් මෙ ්සයිට් එකේ වැඩකරන්න ඇති. ස්වාභාවික පරිසරයට යම්තාක් හානියක් වුනත් පාර හැදුවාම නම් කිරි ටොපිය වගේ ලක්ෂණයට තියෙයි කියලා මට හිතුනා. 
මුතුරාජවෙල කියන අභය බූමිය හරහා තමයි මේ අධිවේග මාර්ගේ කොටසක් වැටිල තියෙන්නෙ. මේ වෙල අබයභූමියක් වුනාට මොකද මේළඟම මාලු බාන අයියල වගේකුත් අපි දැක්කා. හැබෑට අභය භූමි වල දැල් ගහලා මාලු බාන්න හැකිද? 
මේ ඉන්නෙ මාලු බාන්න සෙට් වෙච්චි අයියලා වගයක්. මේ අය මාලු බාන්නෙ පරණ ලන්දේසි ඇලේ වෙන්න අති කියලා අපි එක්ක ගිය විද්වතුන් අදහස් දැක්වුවා. ඒ ලන්දේසි ඇල හැමිල්ටන් ඇලද නැත්තං වෙන එකක්ද කියලා දන්නෙ නැහැ. නමුත් ලන්දේසි කාරයො මහපාරවල් හදනවාට වඩා ඇලවල් හදන්න දක්සයෝ වුනා. උන් මහා මාර්ග හදනවාට වඩා ඇලවල් හදලා පාරු උඩින් යන්න ආස කරපු ජාතියක්. එක යාලුවෙක් කිව්වා මීගමු කලපුව මැදිනුත් ඇල තිබුනාලු ඉස්සර. ඒක නම් මට සැකයි. ඇලක් තිබුනාම කියමු. කෝමද යකෝ ඒකෙ යන අලුත් ඇමේචර් ඔරු කාරයා මේ ඇල තියෙන තැන කියලා හරියට දැනගන්නෙ.

මේ අධීවේගි මාර්ගෙ නම් දූවිල්ල අඩුයි මහා මාර්ගෙට වඩා. වත්තල ජා ඇල දිහා මහ එපා කරපු දූවිල්ලක් තියෙනවා සාමාන්‍ය පාරෙ කටුනායක යනකොට. ඒක ඒ සී වාහන වල යන අයට දැනෙන් නැහැ. නමුත් බස් වල බයික් වල යන අයට තේරෙනවා ඇති දූවිල්ල. ඒ කටුනායක කොළඹ පාර අයිනෙ ගස් අඩුයි. ජා ඇල ටවුමෙ තිබුන ගස් වගේකුත් කපලා තිබුනා මම දැක්කා. ජා ඇල පොලිසිය ගාව තිබුන තඩි මාර ගහක් ඒම සෝක් එකට පෙරලලා දාල තිබුනා. අපේ සමාර අය සංවර්ධනේ දකින්නෙ දුඹුරු පාටට. ඒ යක්කුන්ට ගහ කොලක් පේන්න බැහැ. මේ අධිවේගි පාරේ මේ විදියට මැද ලයින් එකේ ගහ කොළ වවල තිබුනා. ඒවා දිගටම තිබුනොත් ලක්ෂණට තියේවි. මාර ගස් සියඹලා ගස් තියෙන පාරක යනකොට තියෙන සනීපෙ නිකං තට්ටෙ ගාපු වාගේ දෙපැත්තෙ ගස් නැති පාරක යනකොට දැනෙන් නැහැ. කෝම වුනත් ස්වාභාවික පරිසරය ආරක්ෂා කරන්න මේ විදියට හරි උත්සාහ කරපු එක ලොකු දෙයක්. 

සාමාන්‍යෙයෙන් වගුරු බිම් වගේ ජනශුන්‍ය පැතිවලින් තමයි ලයිට් වයර් ආදිය අදින්නෙ. විශාල ධාරිතාවක විදුලි රැහැන් වලින් මනුස්ස ජීවිත වලට යම් යම් හානි වෙනවාය කියලා විද්‍යාඥයන් අතර මතයක් තිබෙනවා. ඒ නිසා වයර් ටිකක් කැලෑවට වගුරට වෙන්න තමයි අදින්නෙ. දැන් අලුත් අධිවේගි මාර්ගෙත් මේ මිනිස්සු අඩු පලාතකින්ම ගහලයි තියෙන්නෙ. මේ ලයින් දෙක සමාන්තරව යනවා සමහර තැන්වලදි. ඒක ලක්ෂණ භූමි දර්ශනයක්. 
මේ වගේ තැනක වාඩිවෙලා නිදාගෙන පෙරලි පෙරලි පොටෝගන්න ආයි කවදා ලැබෙයිද? ඒ නිසා අපි ඇතිපදම් පින්තූර ගත්තා. අපි ගියේ ටිකක් හැන්දෑ වෙලාවක නිසා වාහන සහ සයිට් වල කස්ටිය වැඩිය නැහැ. ඒ නිසා අපිට පිංතූර සෝක් එකට ගන්න අවස්ථාව ලැබුනා. 
අපි අරං ගිහිපු බත් මුල් දෙකත් බයික් උඩ තියාගෙන ලිහාගෙන කාල බරපතල සංවාද වාද විවාද දෙක තුනකුත් කරල. අර කෝක් බෝතලෙත් බීල සතුටින් ගෙවල් වලට ආව. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපිට එන ගමන් පොලිස් මාමලා හමු වෙලා දඩ කොලයකුත් දුන්නා. වරද වුනේ පේමන්ට් එක උඩින් බයික් එක ගෙනියපු එක. ඒ පොලිස් මාමල දුප්පතාගේ දුක දන්න අය වෙච්චි නිසා හොදයි. නැත්තං ඉතිං... අහෝ ඛේදයකි..කූඩුවේ රැයකි. 
සික් ඒක එහෙම වුනානං තව පෝස්ට් එකක්.. සෙට් වෙනවා. ග්‍රෑන්පාස් පොලිසියේ රැයක්.

21 comments:

  1. Just Missed by කෙස් ගස්. අපරාදෙ කියල හිතෙනව පෝස්ට් එක දැක්කම :(

    ReplyDelete
  2. හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
  3. // එක යාලුවෙක් කිව්වා මීගමු කලපුව මැදිනුත් ඇල තිබුනාලු ඉස්සර. ඒක නම් මට සැකයි. ඇලක් තිබුනාම කියමු. කෝමද යකෝ ඒකෙ යන අලුත් ඇමේචර් ඔරු කාරයා මේ ඇල තියෙන තැන කියලා හරියට දැනගන්නෙ.//

    ඇල තිබුනාලු ඉස්සර නෙමේ . . . කිවුවෙ තාමත් තියනව කියල. කැළණි ගගේ හැඳල වැලි තොටුපලේ ඉදල මීගමු කලපුව හරහා පුත්තලම් කලපුව දක්වා තාමත් තියනව හැමිල්ටන් ඇල.
    ඇමේචර් ඔරු කාරයො ඒක දැනගන්නෙ හරියට උඹ හුච්චං එකා කාලෙ ගෙදර කාමර තියන හැටි ඉගෙනගත්ත වගේ. ඒක උංට මෙන්න මෙතන ඩෝ ඇල තියෙන්නෙ කියල උගන්නන්න දෙයක් නෑ. කලපුව කියන්නෙ පමුනුගම ඉදල දූව පිටිපන වෙනකං වෙරලබඩ තීරෙ මිනිස්සුංගෙ ජානත් එක්කම එන දෙයක්. මොන අයිය උනත්, මොන වැදගතා උනත් එහෙ කලපු රස්සාව ආඩම්බරයට ලක්වෙන රස්සාවක් (පල්ලියේ සුවාමි ඇරුනම අනිත් හැමෝම කලපු රස්සාවට සම්බන්ධයි. සුවාමිත් සම්බන්ධ වෙනව සමහර පරිසරයට අහිතකර, ඒත් පාරම්පරික පන්නවලට වාර්ශික අවසර ලබාදෙද්දි)
    මීගමු කලපුව කියන්නෙ ඉනගාවට උන්නගත්ත රෙද්ද ගෙමාගන්නෙ නැතුව ඇවිදින්න පුලුවං තැනක්. ඒකෙ ගිලෙන්නෙ හැමිල්ටන් ඇල හරහා යද්දි විතරයි

    ReplyDelete
    Replies
    1. කලා කියන බරපතළ සංවාදෙ මැද නේද උඹ අර ඉන්නෙ?

      Delete
    2. හැහ් හැහ්
      එතන ඒ වෙලාවෙ බුද්දි කලම්බනයක් ගියේ

      Delete
  4. මචෝ මම එක වතාවක් ඔය හැමිල්ටන් ඇළ දිගේ සෑහෙන දුරක් ගිහින් තියනවා,,,පාර අයින දිගේ හරිද,,,,නාත්තන්ඩිය හරියෙ පාර අයින දිගේ එන්නේ,අපේ අල්ලපු ගම හරහත් ඕක යනවා,,,එතකොට මීගමුව ටවුම හරහා යනවා,,,කාලෙකට ඉස්සල්ලා ඔය පිලිසකර කරන්න ගත්තා ඒත් ඒක හබක් උනා,,ඒත් කොච්චිකඩේ හරිය නෙදර්ලන්ත ආධාර වලින් සෑහෙන දුරක් ආයේ අලුත් කරලා තියනවා

    ReplyDelete
  5. එක පැත්තකට එක මං තීරු වයිද තියෙන්නේ? එහෙනං මේක අධිවේගෙන් යන්න හදපු එකක් වෙන්න බෑ.

    ෆොටෝවලින් නොපෙනුනාට මංතීරු දෙකේ පාරවල් දෙකක් (යන්න සහ එන්න) වෙනම ඇති නේද?

    ReplyDelete
    Replies
    1. පැත්තකට තීරු දෙකක් තියනව කකා
      අනික ඔය හයිවේ එකට පෑලියගොඩින් ඇතුල් උනාම හතරවෙනි ගියර් එක දාද්දි කටුනායක එක්සිට් එකේ වාහනේ

      Delete

  6. Colombo–Katunayake Expressway is Sri Lanka's second E Class highway.[1] The 25.8-kilometre-long (16.0 mi) highway will link the Sri Lankan capital Colombo with Bandaranaike International Airport, Katunayake.[2] Construction on the highway began in October 2009, and completion is expected in mid-2013. The highway is planned to have three lanes each way from Colombo to Peliyagoda and two lanes each way, from Peliyagoda to Katunayake with the width ranging from 26 to 33.5 metres (85 to 109.9 ft).[3]

    http://en.wikipedia.org/wiki/E02_expressway_%28Sri_Lanka%29

    ReplyDelete
  7. මටත් චෑන්ස් එකක් ලැබුනා ආස්චර්යයේ මාවතේ ඔපන් කරන්න පැය දෙකකට කලින් ආතල් එකක් දාන්න...

    ReplyDelete
  8. කොකාකෝල එක්ක ගෙනිච්ච අනික් බෝතලේ ගැන මොකුත් විස්තරයක් සඳහන් කරන්න අමතක වෙලා වගෙයි. :D

    ReplyDelete
  9. අභයභූමියෙ විතරක් නෙවේ ජාත්‍යන්තර වරායවල් වලත් මාළු බානව. දන්නැද්ද?

    ReplyDelete
  10. මේ ආණ්ඩුව කරන්නෙම බොරු වැඩනේ. මේ හයි වේ හදන වෙලේ පොඩි මිනිස්සුන්ට මොන තරම් දේවල් ටිකක් කරල දෙන්න තිබුණද. බොරු පුරාජේරු.

    ReplyDelete
    Replies
    1. නලීන් කාටද පොඩි සවුත්තුවක් දාන්නෙ

      Delete
    2. හැලප
      නලින්ගෙ ප්‍රොෆයිලේ කවුරුහරි උස්සල. නැත්තං මේක විහිළුවටවත් මේ වගේ කතාවක් කියන්නෙ නෑ.

      Delete
    3. මේ අර සමකය වටේ ලියන නලින් අයියද නැත්තං වෙන කවුරුහරිද? :D

      Delete
    4. නෑ නෑ මේ නියම මම. උපහාසේ උපහාසේ...

      Delete
  11. දැනට අවුරුදු ගණනකට කලින් කරන්න තිබ්බ වැඩක්. යාපනය කොළඹ අධිවේග මාර්ගයත් ඔකටම අමුනල හදනව කියලනෙ කියන්නෙ කටුනායක ඉදන්.

    ReplyDelete
  12. මේ මැද තියෙන තීරුවෙ ගස් හිටවීමනම් අගය කරන්න ඕනෙ...ගස් ටික ලොකු උනාම එයාපෝර්ට් එකේ ඉඳන් කොලඹ යන ජර්මන් කාරයො කියයි හරියට ජර්මන් හයි වේ එකක් වගේ කියලා

    ReplyDelete
  13. මහා හිඟන පාරක්. දක්ෂිණ පාරේ විදියටම ගහපු. මේකේ වත් එතැන වෙච්ච වැරදි නිවැරදි වෙයි කියල හිතුව .. එත් කොහෙද !!! . මේ පාරවල් වල අනතුරු වැඩි වෙන්න මුලික හේතු දෙකයි. වම් පස වාහන නැවැත්වීමට ඉඩ නොදීම. දක්ෂිනේ මහා රෑ වාහනේ එලොනකොට ඇතිවෙච්ච නිදිමත හින්ද තව පොඩ්ඩෙන් වාහනේ ම නින්ද යනවා. වෙන රටක නම් ඒ සඳහා වෙන්කරපු ස්ථාන තිබෙනවා පොඩි නින්දක් දාල යන්න.

    දෙවෙනි එක මේ හිඟන පාරේ දකුණු පස වැටත් පාරත් අතර පරතරය අඩි දෙකයි . පැයට කිලෝමීටර් 100 කට යන වාහනේකට හයියෙන් හුළඟක් හැමුවත් ඇති ගිහිල්ල වැටේ හැපෙන්න. !!! කාට කියන්නද !!

    ReplyDelete
    Replies
    1. Malli ,mama UK iddith dakke me pramithiyema Highway.Oyaata oone monawada? Apith weekly yanne oya paarema thamay.

      Delete